75 වන නිදහස් දින සැමරු උළෙල අති උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් විද්‍යාල පරිශ්‍රයේ දී මෙවර සමරන ලදී.
ඒ සඳහා බටහිර තූර්ය වාදන කණ්ඩායම පෙරටු කර ගෙන ශිෂ්‍ය බට කණ්ඩායමත්, බාල දක්ෂ කණ්ඩායමත්, පරිසර නියමු කණ්ඩායමත්, ජාතික ධජ රැගත් කණ්ඩායමත් එක පෙළට විද්‍යාලීය ප්‍රධාන දොරටුවෙන් ගමන් කරමින් ප්‍රධාන මාර්ගය ඔස්සේ විද්‍යාලීය ප්‍රාථමික අංශයේ දොරටුවෙන් නැවතත් විද්‍යාල භූමියට පිවිස, උත්සවයේ ඉදිරි කටයුතු ප්‍රධාන ශාලාවේ පැවැත් වීමට යෙදුණි.