පැණසර පබුදන නිවසන වරතර දෙනගම ගම්වරයේ
ගරුතර මා හිමි විපුලසාර සිරි නාමය ලක් අඹරේ
උදා තරුව වී සදා දිලෙන සේ කිතුනම දසතපුරා
විපුලසාර මැදි මහ විදුහල් මා රැජිනිය සැරදේවා ...//
දැනුමෙන් පිබිදුණු හැඟුමෙන් පෝෂිත දූ දරුවන් උදෙසා
නව ලොව නවමන් ඔස්සේ යාමට ජය මං තල සරසා
පැණසර පබුදන ... //
සපිරුණු මිනිසුන් තනමින් ඉඳුරා අභිමන් හදෙහි පුරා
උගතුන් වියතුන් ජගතුන් තැනුමට කැපවුණු සවිය පෙරා
පැණසර පබුදන ... //
මව්නි ඔබේ දරු කැළ සරසා දී
දස්කම් විස්කම් බලය දරා
පියෙන් පියට ජය ලබා පබා දී සැරදේ සිතැඟි පුරා
පැණසර පබුදන ... //