1992 මහ විදුහලක් බවටත් 1993 මධ්‍ය මහා විද්‍යාලයක් බවටත් පත් මෙම පසල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා කලා සහ වාණිජ උසස්පෙල විෂයධාරා සහිත පාසලකි. පාසල භාරකාර ලෙස දෙනගම විපුලසාර ස්වාමීන් වහන්සේ ද ගුරුවරුන් ලෙස ධර්මදාස ගරුසිංහ හා ඇම්. එච්. වික්ටර් යන මහත්වරුන් සේවය කර ඇත. පළමු ගුරුවරිය ලෙස වයි. තිලකාවතී මහත්මිය 1959 සැප්තැම්බර් මස 14 දින සේවයට එක්වී ඇත. 1961.05.24 දින සිට පාසල නව ගොඩනැගිල්ලක පැවත්වීමට අවස්ථාව උදාවී ඇත. පාසල භාරකාර දෙනගම විපුලසාර ස්වාමීන් වහන්සේ විසින් 1961.06.09 දින සිට මුල් ගුරුවරයා ලෙස ඇම්. ඒ. වික්ටර් මහතා පත්කර ඇත.
පළමුවන ශ්‍රේණියේ සිට හත්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවති මෙම විද්‍යාලය 1963 නොවැම්බර් මස 01 වන දින සිට මාර/දෙනගම විපුලසාර රජයේ විද්‍යාලය නමින් රජයට පවරාගෙන ඇත. අක්කර ½ ක පමණ ක්‍රීඩා පිටියක්ද සහිතය.විදුලිය සහ ජල පහසුකම් පවතින, 1C වර්ගයේ පාසලක් වන මෙය පරිගණක විද්‍යාගාරයක් සහ උසස් මට්ටමේ පුස්තකාලයකින් ද සමන්විත වේ.රජයේ පාසලක් ලෙස 22068 යන පාසල් අංකය සහිත අප විදුහලේ තෙමහල් හා දෙමහල් ගොඩනැගිලි දෙකක් ඇති අතර තවත් ශාලා කිහිපයක් වර්තමානය වන විට දැකගත හැකිය. මෙම ශාලාවන් විභව,විශාරද,විකසිත,විදුසර,විශ්ව,විදුරවි සහ විශ්ම නම් වේ. පාසලේ සේවය කල රංජිත් සේනානායක මහතා සිය වියදමින් බුදු මැදුර ඉදි කොට තිබේ. විපුලසාර මහ නාහිමි පිළිරුව විශ්‍රාමලත් එන්. දිසානායක ගුරු මහතාගේ මූල්‍ය පරිත්‍යාගයකින් ඉදිකරන ලදි. 1959 ශ්‍රී සුදර්මාරාමය නැමති පින් බිමෙන් ආරම්භක පියවර තැබූ අප පාසල වර්තමානය දක්වා ගෙවා ඇති අඩ සියවස තුල රටදැය සමයට කීර්තිමත් පුරවැසියන් රැසක් දායද කොට ඇත. ඔවුන් අතර වෛද්‍ය ජී. කුසුමරත්න, වෛද්‍ය කමල් කුමාර ආරියසිංහ, පශු වෛද්‍ය ඒ. සෝමවංශ, ඉංජිනේරු ජී. ජයරත්න, එච්.ඒ. දයාවංශ, ජී.විජේසිංහ යන අය වෙතී. ඒ හැර ලුතිනන් ජී. සිසිර කුමාර මහතාද, මාධ්‍යවේදී ධම්මික රණවීර මහතාද කැපී පෙනෙන ආදී සිසුන් වේ.
මාර/දෙනගම විපුලසාර රජයේ විද්‍යාලය තවත් ස්වර්ණමය යුගයකට ප්‍රවේශ වෙමින් විදුහල්පති ජී. කුලදාස මහතාගේ සේවා කාලය තුළදී එනම්, 1990 නොවැම්බර් 19 වන දින මාර/ දෙනගම විපුලසාර මහා විද්‍යාලය බවට ද අනතුරුව 1993 සැප්තැම්බර් මස 01 වන දින මාර/ දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය බවටද පත්ව ඇත. විද්‍යාල ඉතිහාසය තුළ පහත සඳහන් විදුහල්පති වරුන් විද්‍යාලයීය ප්‍රගමනයට දායක වී ඇත.
නම සේවය කර කාලය
| 01. ඩබ්ලිව්. පී. කරුණාවතී මහත්මිය (වැඩබලන මුල්ගුරු) | – 1963.11.20 සිට 1964.02.01 |
| 02. එච්. එස්. ඒ. අබේගුණසේකර මහත්මිය (වැඩබලන මුල්ගුරු ) | – 1964.02.01 සිට 1964.09.14 |
| 03. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා (පළමු විදුහල්පති) | – 1964.09.15 සිට 1968.01.12 |
| 04. බී. ජේ. ද සිල්වා මහතා (මුල්ගුරු ) | – 1968.02.01 සිට 1968.04.30 |
| 05. ඩබ්ලිව්. වී. ඒ. ජෝතිදාස මහතා (වැඩබලන මුල්ගුරු) | – 1968.04.30 සිට 1970.08.31 |
| 06. ඩී. එම්. ඩබ්ලිව්. වඩනම්බි මහතා | – 1970.09.01 සිට 1971.07.31 |
| 07. ඩී. පී. ඩී. කර්තේලිස් අප්පු මහතා | – 1971.09.01 සිට 1975.05.04 |
| 08. එස්. ජයතුංග මහතා | – 1975.07.01 සිට 1977.08.25 |
| 09. ජී. කුලදාස මහතා | – 1977.09.01 සිට 1996.11.02 |
| 10. ඊ. ගරුසිංහ මහතා | – 1996.11.03 සිට 2006.03.16 |
| 12.අමරදාස ගරුසිංහ මහතා | – 2006.05.20 සිට 2012.11.16 |
| 13.සී. එල්. මුණසිංහ මහතා | – 2012.11.19 සිට 2015.04.01 |
| 14.ජී. ජේ. අමරදේව මහතා | – 2015.06.04 සිට |