නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

වර්තමාන ලෝකයේ අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි දරුවන් සමස්ත විශ්වයේම යහපැවැත්ම උදෙසා අගනා සම්පත් වනු නොඅනුමානය. එවන් වූ සිසු පරපුරක් තුලින් ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ එම වෙනස්වීම් හසුරුවා ගැනීමටත් , ඊට සංවේදී ව හා සාර්ථකව ප්‍රතිචාර දැක්විමටත් ,ස්වධීනව තීරණ ගැනීම සිදු කල හැකි ශක්තිමත් පුද්ගලයින් විශ්වයට දායාද කිරීමට විපුලසාර විදුපියස සතු භෞතික හා මානව සම්පත් ශක්තිමත් වෙතැයි යන්න මාගේ අපේක්ෂාවයි.
සීඝ්‍ර තාක්ෂණික දියුණුවත් සමග වත්මන් දරැ පරපුර හමුවේ නව අභියෝග රැසක් නිර්මාණය වී තිබේ.
මනා පෞරුෂයකින් හෙබි දූ පුතුන් බිහි කිරීම උදෙසා පාසල ගන්නා උත්සාහයේදී තාක්ෂණික වශයෙන් ශක්තිමත් වීම වර්තමානයට අත්‍යවශ්‍ය කරුණකි. පාසල හා ප්‍රජාව එක්වී මේ පාලමක් ලෙස නව වෙබ් අඩවිය ක්‍රියාත්මක වනු ඇතැයි හුදෙක්ම විශ්වාස කරමි. ඒ සඳහා සුභාශිංසන එක් කරමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය