භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/දෙනගම විපුලසාර ම.ම.වි

 

විදුහල්පතිතුමාගේ පණිවිඩය

 

පාසල් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ ගෝලීයකරණය වූ සමාජයක සමාජ සචලතාවය කරා ලඟාවිය හැකි පූර්ණ පෞරුෂයකින් යුත් දරුවෙක් සමාජගත කිරීමයි. ජාතික අධ්‍යාපන සැලසුම්කරණ අනුව නිපුණතා පාදක විෂයමාලාව තුළින් ගෝලීය සමාජයේ අභියෝගවලට මුහුණ දිය හැකි ගුණාත්මකභාවයෙන් ඉහළ අනාගත පරපුරක් බිහි කිරීම අපේක්ෂා කෙරේ.  මෙරට සමාජ සංස්කෘතියට සංවේදීවූ නිර්මාණශීලී, ධනාත්මක මානව හිතවාදී පුරවැසියකු සමාජගත කිරීම අප පාසල සහ විෂය මාලාව මඟින් ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයට අධ්‍යාපනයට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන්ගේ  පූර්ණ සහයෝගය සහ අනුග්‍රහය මම බලාපොරොත්තු වෙමි.

අයිවන් ඉලිච් 1980 දශකයේ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් “School is Dead” යනුවෙන්

ඇමරිකාවට කරන ලද අනතුරු ඇඟවීම වර්තමාන ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය පිළිබඳව වැදගත් මඟපෙන්වීමක් සිදු කරයි. දරුවන්ගේ පූර්ණ පෞරුෂය සංවර්ධනය කෙරෙහි අවදානය යොමු කරනවාට වඩා ශිෂ්‍ය සාධන මට්ටම ඉහළ නන්වමින් විභාග සමත් කිරීම ඉලක්ක කර ගත් පන්ති කාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියකට පාසල මෙන්ම සමාජ අපේක්ෂාවන් ද සැකසෙමින් පවතින අතර එමඟින් දරුවන් තුළ පූර්ණ පෞරුෂ සංවර්ධනයක් වෙනුවට අර්ධ පෞරුෂ සංවර්ධනයක් සිදුවේ. එම නිසා දරුවන්ගේ පූර්ණ පෞරුෂය සංවර්ධනය කෙරෙහි පාසල් අධ්‍යාපනය සතු භූමිකාව හඳුනාගෙන ශක්තිමත්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පවතී.

පාසල තුළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, ශිෂ්‍ය සාධන මට්ටම හා ජාතික විභාග ප්‍රතිඵල  ඉහළ අගයක  තබා ගනිමින් ක්‍රියාත්මක වන ප්‍රමාණාත්මක වර්ධනය තුළින් පමණක් පූර්ණ පෞරුෂයකින් හෙබි අනාගත පරපුරක් බිහිකර ගත නොහැකි බව සමාජයේ උද්ගතව ඇති විවිධ ගැටලු විග්‍රහ කර බැලීමෙන් අනාවරණය වේ..

පාසල තුළින් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේදී නව තාක්ෂණ හැකියා සමඟ ගැටලු විසඳීම, තීරණ ගැනීම, නිර්මාණාත්මක චින්තනය, විනිශ්චයාත්මක චින්තනය, සන්නිවේදනය, අන්තර් පුද්ගල සම්බන්ධතාව, ස්වයං දැනුවත්භාවය, සහකම්පනය, ආතති කළමනාකරණය, චිත්තවේග පාලනය ආදී එක්සත් ජාතීන් ද පිළිගෙන ඇති අත්‍යාවශ්‍ය මෘදු කුසලතා කෙරෙහි ශිෂ්‍යයාගේ මනස සහ හදවත ආමන්ත්‍රණය කිරීම පාසල් අධ්‍යාපනයේ ප්‍රබල අවශ්‍යතාවයකි.

වේගයෙන් වෙනස්වන ලෝකයට උචිත පරිදි සුසමාහිත සමතුලිත පෞරුෂයකින් යුතු නිර්මාණශීලී පුරවැසියන් බිහි කිරීම සඳහා නව තාක්ෂණ හැකියා සහිත ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේද සහිත විෂය, විෂයසමගාමී

හා විෂය බාහිර වැඩසටහන් මෙන්ම පාසලේ  හදවත බඳු ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම, විෂයමාලාවේ වගකීම් සහ භූමිකාව පිළිබඳ ගුරු අවදානය යොමු කිරීම,  විෂයමාලාව පිළිබදව හා ඉන් කුමක් කරන්නට උත්සාහ ගන්නේද යන්න පිළිබදව ප්‍රජාව තුළ දැනුවත්භාවයක් ඇති කිරීම වැනි කාලෝචිත වැඩසටහන් සහිත සුරක්ෂිත මානව හිතවාදී ඉගෙනුම් පරිසරයක් පවත්වා ගනිමින් පාසල මනාව කළමනාකරණය කිරීම අපගේ අපේක්ෂාවයි. 

විදුහල්පති,

ජි.ජේ.අමරදේව මයා 

අධ්‍යා.කළමනාකරණ විද්‍යාපති (M.sc) /PGDEM

 

 

 

 

 

 

 

 

 

DENGAMA VIPULASARA M.M.V

මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • :  
  • Denagama, Hakmana

: (+94)412288301

: (+94)41228830

: [email protected]

Supported By

© 2026 DENGAMA VIPULASARA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk